තුන්කොරලයේ ජනතාව තුල එතුමන් පිලිබදව ඇත්තේ සදාදරණිය වූ මතකයන් බව නොරහසකි. යටියන්තොට ආසනය එතුමන්ගේ දේශපාලන දිවියේ ආරම්භයයි. ශ්රි.ල.නි.ප.ය සමග දේශපාලන ගමන් මගට එක වන එතුමන් දැරනියගල ආසනයේ අභියෝගාත්මක වගකීම භාර ගනි.කෑගල්ල දිස්ත්රික්කයේ භූමි ප්රමාණයෙන් විශාලතම ජනගහනයෙන් කුඩාම මෙන්ම සංවර්ධනයෙන් අවම ආසනය දැරනියගලයි.මෙම දුෂ්කර බව නිසාම බොහෝ දෙනෙකු ආසනයේ වගකීම් ගැනීමට බිය වූවා සේම වගකීම් ගත් ටික දෙනා ද ඉතා ඉක්මනින් දේශපාලන වශයෙන් සිදු වන අවාසි සහගත තත්වය අත්විද දැරනියගල හැර ගියේය.නායකත්වයක් නොමැති වූ දැරනියගල අභියෝගය ජය ගැනීමට විටෙක සාර්ථක වෙමින් ද තවත් විටෙක ආසාර්ථකත්වයන් තුලින් සාර්ථකත්වය සොයා යමින් ද මිත්රපාල මැතිතුමා වෙහෙස විය.2015 වර්ෂයේ දේශපාලනයෙන් සමු ගත් පසුව විවිධ තනතුරු සදහා යෝජනා වුවත් ඒ සියල්ලම ප්රතික්ෂේප කරමින් අප අතරින් සමුගන්නා තුරුම එතුමන් තබා ගත් එකම තනතුර වුයේ දැරනියගල ශ්රි.ල.නි.ප. සංවිධායකධුරයයි.ඒ දැරනියගල ඉතිරි සංවර්ධනය නිමා කිරිම වෙනුවෙනි.මිත්රපාල මැතිතුමා අප අතරින් වෙන් ව ගිය පසු තුන්කොරලය ආදරය කල දැරනියගල වෙනස් කල නායකයා වෙනුවෙන් හැකි පමණට කෘතවේදිත්වය දැක්වීමට එතුමන්ට ආදරය කල ජනතාවගේ අභිලාෂය විය.විශේෂයෙන්ම වර්තමානය වන විට තුන්කොරලය වෙනුවෙන් එතුමන් කල කැපවීම වඩාත් දැනෙන්නට විමය.මිත්රපාල මිත්රත්ව ශාලාවේ නම් වන්නේ එලෙසය.මෙය හුදෙක් ගොඩනැගිල්ලක නාමපුවරුවකට එහා ගිය බැදිමක් උදෙසා වු කෘතවේදිත්වයකි.එය සැබැවින්ම දැරනියගලට මෙන්ම තුන්කොරලයට ආදරය කල නායකයා වෙනුවෙන් ආදරණිය ජනතවට මේ මොහොතේ පුද කල හැකි එකම ගෞරවයට ඉඩහැරිම මිස විශේෂයෙන් හිමි වන වෙන්ත් කිසිදු ප්රතිලාභයක් නොමැති බවත් සිහිපත් කරමි….
එච්.ආර්.මිත්රපාල යනු තුන්කෝරලයට තවත් එක් දේශපාලන චරිතයක් නොවේ.
- by admin