ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ආසනයේ මීපේ සිරිසේන රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී ලේ දන් දීමේ වැඩසටහනක් 2021.09.12 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ සහ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක සුමිත් විජයමුණි සොයිසා මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

ලේ දන්දීම සඳහා සහභාගී වූ සෑම කෙනෙකු සඳහා ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් ලබා දෙන සහතිකයක් පිරිනමන ලදි. කොළඹ දිස්ත්‍රික්කය පුරා ආසන සංවිධායකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙවැනි වැඩසටහන් 19ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙදින පැවැත්වූයේ හයවන වැඩසටහනයි.

මෙම ලේ දන් දීමේ වැඩසටහන අවිස්සාවේල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක සුමිත් විජයමුණි සොයිසා මැතිතුමා ඇතුලු අවිස්සාවේල්ල ශ්‍රී. ල.නි.ප. ආසන බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු අතර එම අවස්ථාවට පාදුක්ක ප්‍රදේශිය ලේකම්තුමා, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් චන්දන මහතා ඇතුළු ආසන බල මණ්ඩලයේ සමාජිකයන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *