පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමේ ලිපිය අද දින (අගෝස්තු 25) පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට භාර දෙනු ලැබීය.අද දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් 19 වසංගත තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලාංකික අර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි. කොවිඩ් වසංගතය අවසන් වනවිට ලෝකය තුළ ඇති නැති පරතරය තවදුරටත් ඉහළ යනු ඇති බවත් මේ වනවිට ආදායම් උපයන රටවල් බවට පත්ව තිබෙන්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වයට අදාල ඖෂධ, මුහුණු ආවරණ හා සැනිටයිසර් නිපදවන රටවල් හා සමාගම් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.කෙසේ වුවද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට ලැබෙන වරප්‍රසාදවලින් කොටසක් හෝ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් කැප කරන ලෙස තමන් කළ ඉල්ලීම අනුව ඊට ප්‍රතිචාර රැසක් ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද තමන්ට ලැබෙන මාසික වැටුප පරිත්‍යාග කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා පැවසීය
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය මන්ත්‍රී වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමේ ලිපිය අද දින (අගෝස්තු 25) පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට භාර දෙනු ලැබීය.
- by admin