අඟුණකොළපැලැස්ස හා ඒ අවට ගම්වල ආහාර හා වෙනත් අවශ්‍යතා සහිත පවුල් හඳුනාගනිමින් ඔවුන්ට වියළි ආහාර ද්‍රව්‍ය සහිත මල්ලක් බැගින් බෙදා දීමට පියවර

තමන්ට මන්ත්‍රී ධුරය සඳහා ලැබෙන මාසික වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් මහජනතාවට සහන සැළසීම සඳහා පරිත්‍යාග කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. එමෙන්ම මෙම මාසයට තමන්ට ලැබෙන මුළු වැටුපම කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අසරණව සිටින මහජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බවත්, එම වැටුප සෞඛ්‍ය අංශවලට ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.පසුගිය දින දෙක පුරාම අමාත්‍යවරයා අඟුණකොළපැලැස්ස හා ඒ අවට ගම්වල ආහාර හා වෙනත් අවශ්‍යතා සහිත පවුල් හඳුනාගනිමින් ඔවුන්ට වියළි ආහාර ද්‍රව්‍ය සහිත මල්ලක් බැගින් බෙදා දීමට පියවර ගත්තේය. තම නිවසේ ඒ සඳහා කටයුතු සූදානම් කරන අතරතුර අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍යයට ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *