ගුරු වැටුප් විෂමතාවය පිළිබඳව ඇති වී තිබෙන ගැටලුව විසදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානය විසින් සකස් කරන ලද යෝජනාවලිය මෙම ගැටලුව නිරාකරනය කිරීම සඳහා පත්කර තිබෙන අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත (2021.08.17) දින භාරදෙන ලදී.මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානයේ ප්‍රධාන ලේකම් වි.මු. දිවානි හෙට්ටිගේ මහත්මිය, ජාතික සංවිධායක ජේ.කේ.ආර්. සේනාධීර මහත්මා සහ මාධ්‍ය ලේකම් එච්.ජී සමන් කීර්තිකුමාර මහත්මා ඇතුලුව ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස මා සහභාගී වූ අවස්ථාව.ලබා දුන් යෝජනාවලියේ වර්තමාන ගුරු, විදුහල්පතිවරුන් සඳහා පවතින වැටුප් විෂමතාවය පිළිබඳව නිවැරදි ගණනයන් කර කරුනු ඇතුලත් කර ඇත. ඊට අමතරව මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා යෝජනාවලියක් සහ විවිධ වර්ෂවලදී ගුරු, විදුහල්පති මෙන්ම අධ්‍යාපන පරිපාලන මෙන්ම ගුරු අධ්යාපනඥ්ඥ සේවා සහ ගුරු උපදේශක සේවාවල වැටුප් තලයන් මෙන්ම රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමග සංසාධනාත්මකව ප්‍රස්ථාර මඟින් විග්රහ කර ඇත.මෙම ගැටලුව නිරාකරනය කිරීම සඳහා දිනවකවානු සහිතව රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ගුරු සංගම්වෙත විශ්වාසය ඇතිවන පරිදි නීතිමය රාමුවක් තුළ විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා රජය පාර්ශවයෙන් යෝජනා ලබාදෙන ලෙසත් දිනවකවානු සහිතව සියලු සංගම්වලට පිළිගතහැකි අකාරයට විසඳුමක් ලබාදීම තුළින් පමණක් මෙම ගැටලුව නිරාකරනය කරගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානය වැඩිදුරටත් පවසන ලදී.ඉදිරිපත් කරන ලද සම්පූර්ණ යෝජනාවලිය මේ සමග ඇත.
ගුරු වැටුප් විෂමතාවය පිළිබඳව ඇති වී තිබෙන ගැටලුව විසදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානය විසින් සකස් කරන ලද යෝජනාවලිය මෙම ගැටලුව නිරාකරනය කිරීම සඳහා පත්කර තිබෙන අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වෙත (2021.08.17) දින භාරදෙන ලදී.
- by admin