ගුරු සංගම් වෘත්තීය සමිති නායකයන්ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය පිළිබඳව ඔවුන්ට තිබෙන ගැටලු සාකච්ඡා කිරීමට අද (18.08.2021)දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

ගුරු සංගම් වෘත්තීය සමිති නායකයන්ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය පිළිබඳව ඔවුන්ට තිබෙන ගැටලු සාකච්ඡා කිරීමට අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය. මෙම අවස්ථාවේදී ගුරු සංගම් නියෝජිතයන් සහ විදුහල්පතිවරුන්ගේ සංගමය නියෝජනය කරමින් පැමිණි පිරිස ඔවුන්ගේ තිබෙන ගැටලු සහ ස්ථාවරය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරය සහ මතය මෙහිදී විමසන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ කමිටු වාර්තාව සහ නිර්දේශ පිළිබඳව කරුණු ඉදිරිපත් කර කර ගුරු සංගම් නියෝජිතයන් ගේ තිබෙන ගැටලුව පිළිබඳව අවශ්‍ය සෑම විටක දී රජය සමග සාකච්ඡා කොට සාධාරණ විසඳුමක් ලබාදීමට පක්ෂය ලෙස කටයුතු කරන බව එහිදී ප්‍රකාශ කර සිටින ලදී.එහිදී අදාල වෘත්තීය සමිති නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන මතය සහ ස්ථාවර ඒ පිළිබඳව සාධනීය පිළිගත් අතර ඉදිරියේදී මෙම ගැටළුව පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීම් කරන ලදී.මෙම අවස්තාව සඳහා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතාද සහභාගී විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *