දේශගුණ විපර්යාසයන් සඳහා මුහුණ දෙමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, එහි පළමු අමාත්‍ය සාකච්ඡාව ඊයේ (අගෝස්තු 16) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දේශගුණ විපර්යාසයන් සඳහා මුහුණ දෙමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, එහි පළමු අමාත්‍ය සාකච්ඡාව ඊයේ (අගෝස්තු 16) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.එම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ජානක වක්කුඹුර, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් මෙන්ම ZOOM තාක්ෂණය ඔස්සේ ශෂේන්ද්‍ර රාජපක්ෂ හා මොහාන් සිල්වා අමාත්‍යවරුන්ද, නිලධාරින්ද සහභාගි වූහ. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වශයෙන් සාකච්ඡාව මෙහෙයවනු ලැබීය. මෙවර මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට දේශගුණ විපර්යාසයන් සඳහා මුහුණ දෙමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මෙහිදී තීරණය කරනු ලැබීය. කාර්ය සාධක බලකායට ජනාධිපතිතුමන් විසින් නියෝග කර ඇති වගකීම් ඉටු කිරීම සඳහා අනුකමිටු 07ක් ලේකම් වශයෙන් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *