ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි මහා සම්මේලනය සැත්තැම්බර් මස 2 වෙනි දින බන්ඩාරණායක සම්මත්‍රණ ශාලාවේදි පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබුණි. එම සංවත්සරයට සමගාමිව රටට සහා කොරෝනා වසංගතය දුරුවේවායි උතුම් පරමාර්ථයෙන් යුත්තව උතුරු නැගෙනහිර ඇතුළුව සර්ව ආගමිකව වැඩ සටහන් පැවැත්වීමට වැඩ පිලිවෙලක් සංවිධානය කොට තිබුණි. නමුත්පවතිනා තත්වය තුල එම සියලු කටයුතු අවලංගු කර රටේ කාලීන අවශ්‍යතාවයන් බවට පත්වී තිබෙන ලේ බැංකුවට අවශ්‍ය වී තිබෙන ලේ පයින්ට් 10,000 ක් දින 10 ක් තුළ පරිත්‍යාග කිරීමේ වැඩ සටහන දියත් කිරිමට පක්ෂය තීරණය කරන ලදී. ඒ් අනුව ලබන 20 වන දින සිට දිස්ත්‍රික් විසි පහේම ජංගම රථ 80ක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාලයමඟින් පක්ෂයේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් පරිත්‍යාග කිරීමෛි වැඩ සටහනක් සංවිධානය කිරීමට තීරණය කරන ලදී.එහි මුලික සාකච්ඡාවක් අද දින නාරාහේන්පිට පිහිටි ලේ බැංකු මධ්‍යස්ථානයේ පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, මහලේකම් දයාසිරි ජයසේකර මැතිතුමා,ගරු මහින්ද අමරවීර මැතිතුමා ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා සහභාගී විය.