2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත සංශෝධනය කිරීම.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පනත සංශෝධනය කිරීම.පාරිභෝගික අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩයන් ලෙස ප්‍රකාශයට පත්කර උපරිම සිල්ලර මිලක් ගැසට් පත්‍රයේ පලකලද මීට පෙර වෙළඳපොල තුළ එම ගැසට් පත්‍රයන්වල පලකරන ලද මිලගණන් යටතේ භාණ්ඩ අලෙවිය සිදුනොකල අවස්ථා බහුලව වාර්තා විය. මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය මගින් විමර්ශණ සිදුකර එවැනි වෙළඳුන් අධිකරණයට ඉදිරිපත් කලද දඩමුදල රු. 1000 වන ඉතා අඩු මුදලක් වන බැවින් ගැසට් නිවේදනයේ පලකරන ලද මිල පාලනය සිදු නොවුණි. ඒ බැවින් එම අයකරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදී නීති කෙටුම්පත්කර නීතිපතිවරයාගේ නිරීක්ෂණද සහිතව එම සංශෝධන ගැසට් පත්‍රයේ පලකර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු සිදුකරමින් පවතී. ඒ අනුව ගරු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් මෙම අවසන් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ගැසට් පත්‍රයේ පලකර සැප්තැම්බර් මාසය අවසන්වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නීතිගත කිරීමට නියමිතය.මෙම අවස්ථාව සඳහා ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඇතුලු නිලධාරීන් සහ අප අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *