ථේරවාදී ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් කරා ගෙනයාමේ අරමුණෙන් 2019 වර්ෂයේ එවකට ජනාධිපතිවරයා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යුනෙස්කෝ සංවිධානයෙන් කරන ඉල්ලීමකට අනුව ථේරවාදී ත්‍රිපිටක ධර්මය ඇතුලත් පෞරාණික පුස්කොල පුස්ථකය ලෝක උරුමයක් කර ගැනීම සඳහා වු දොරටු යුනෙස්කෝ සංවිධානය මේ වන විට විවෘත කර තිබේ.

ඒ අනුව එම උතුම් කර්තව්‍යය සාර්ථක කර ගැනීමට දායකත්වය සැපයූ ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ ආචාර්ය,මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව නැවත වතාවක් රැස්කොට ත්‍රිපිටක සද්ධර්මය ලෝක උරුමයක් කර ගැනීමේ උතුම් කාර්යයට ඊයේ(09) දිනයේ දී නැවත වතාවක් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුල පුරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *