අමරණීය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයට එක් කළ ක්ලැරන්ස් විජේවර්ධනයන් දැයෙන් සමුගෙන 25 වසරක් ගතවන මොහොතක ඔහුට කෙරෙන උපහාර පිණිස මහරගම තලපත්පිටිය ප්‍රදේශයේ එතුමන්ගේ නිවසට විහිදෙන මාර්ගය “ක්ලැරන්ස් විජේවර්ධන මාවත” නමින් නම් කරන ලදී.

සහජයෙන් ලද සිය කුසලතා හා දක්ෂතා තුලින් ශ්‍රී ලාංකේය සංගීත වංශකතාව උඩු යටිකුරු කළ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ 78 වන ජන්ම දිනය 2021.08.03 වන දිනට යෙදී තිබිණ.ගී පද රචකයෙකු,තනු නිර්මාපකයෙකු සහ ගායකයෙකු වශයෙන් සදා අමරණීය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයට එක් කළ මෙතුමා දැයෙන් සමුගෙන 25 වසරක් ගතවන මොහොතක ඔහුට කෙරෙන උපහාර පිණිස මහරගම තලපත්පිටිය ප්‍රදේශයේ එතුමන්ගේ නිවසට විහිදෙන මාර්ගය “ක්ලැරන්ස් විජේවර්ධන මාවත” නමින් නම් කරන ලදී.මෙම සුවිශේෂී අවස්ථාව සදහා ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මැතිණියද විදේශගතව සිටින බැවින් අන්තර්ජාලය ඔස්සේ අප හා එක් වූ අතර ගරු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා, මහරගම නගර සභාවේ නගරාධිපතිතුමන් හා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්,ඉන්ද්‍රානි පෙරේරා,වානන් පෙරේරා,රජීව් සෙබස්තියන්,ජානක වික්‍රමසිංහ,ලිලන්ති කරුණානායක,විජේ කොරයා,ආරියසිරි විතානගේ වැනි ප්‍රවීන ගායක ගායිකාවන් රැසක් එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *