ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවවීම පක්ශ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2021/07/28 දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවවීම පක්ශ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් 2021/07/28 දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණ නව බියුරෝව සභාපති ලෙස ගරු පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහෙදී තේරී පත්විය මෙම අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලී දේවේන්ද්‍ර, පක්ෂ මහාලේකම් දයාසිරි ජයසේකර , ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක,පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සභාගී වී සිටියහ හිටපු මුදල් අමාත්‍ය දිවන්ගත අචාර්ය එන්.එම්.පෙරේරා මහාතාගේ යෝජනාවක් අනුව මෙම බියුරෝව පිහිටුවන ලදි.මේ සදහා රාජ්‍ය ව්‍යාපාර අංශය,වතු අංශය ,සමූපකාර අංශය ,කන්තා හා පෞද්ගලික අංශය යන වෘත්තීය සමිති මෙයට එක්වී ඇත ඊට අදාලව ශ්‍රි ලංකා තුළ පිහිටි සියලු වෘත්තීය සමිති මෙයට සම්බන්ධ වී ඇත.වෘත්තීය සමිති සම්බන්ධව පැන නැගෙන ගැටලු සදහා නව බියුරෝව ඉදිරියේදී ක්‍රියාකරනු ලැබේ විශේෂයෙන්ම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් නව බියුරෝව නායකත්වය ගනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *