ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිස හා අතිගරු ජනාධිපතිතුමා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිස හා අතිගරු ජනාධිපතිතුමා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලද සාකච්ඡාවේදී පහත සඳහන් කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.01. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකතුමන්ලා, දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සහ කොට්ඨාශ නියෝජිතයින් මෙන්ම අනුබද්ධ සංවිධාන නියෝජිතයින් රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ සටහන් වලදී දායක කර ගැනීම පිළිබඳව.02. වෘත්තීය සමිති සම්බන්ධව පවතින ගැටලු 03. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සහ මැතිවරණ ක්‍රමයන් පිළිබඳව04. මේ දිනවල පවතින ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටලු පිළිබඳව05. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ සටහන් 06. වර්තමානයේ පොහොර සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු හා කාබනික පොහොර සම්බන්ධවඉහත කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඇතුලු අප නියෝජිතයින් අතිගරු ජනාධිපතුමන් සමඟ සාකච්ඡා කරන ලදි.ප්‍රාදේශීය නායකයින් රජයේ වැඩ පිළිවෙළට සහභාගී කර ගැනීම පිළිබඳව මූලාරම්භයක් ලෙස ඉතා කඩිනමින් සියලු පළාත් ආණ්ඩුකාරවරුන් කැඳවා අප නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් කැඳවා කඩිනමින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමන් තීරණය කරන ලදිඊට අමතරව ආසන සංවිධායකතුමන්ලා, දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සහ කොට්ඨාශ නියෝජිතයින් ඒ වගේම අනුබද්ධ සංවිධාන නියෝජිතයින් සඳහා වර්තමාන මධ්‍යම රජය මඟින් ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලක් සකස් කිරීමට තීරණය විය. වෘත්තීය සමිති සඳහා වෙනමම දිනයක් හා වේලාවක් ලබා දී වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට දිනයක් හා වේලාවක් ලබා දීමට තීරණය විය.ඒ වගේම වෘත්තීය සමිතිවල පවතින ගැටලු මෙන්ම ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල පිළිබඳවත් කොම්පෝස්ට් පොහොර භාවිතය ප්‍රචලිත කිරීමේදී ප්‍රායෝගිකව ඉදිරිපත් වී ඇති ගැටලු පිළිබඳව ද කොරෝනා වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය සහ අනෙකුත් ක්ෂේත්‍රවලට ඇති වී තිබෙන අනෙකුත් බලපෑම් පිළිබඳව ද අප නියෝජිතයින් අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානයට යොමු කරන ලදි.මෙම සාකච්ඡාවේදී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම සඳහාත් පසු විපරම් කිරීම අප පක්ෂයේ නියෝජිතයින් අතිගරු ජනාධිපතිතුමා සමඟ අඛණ්ඩ සම්බන්ධීකරණයක් ඇතිකර ගනිමින් කටයුතු කිරීමට එකඟ විය. සහභාගී වූ පිරිස – 1. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා2. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා3. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය නීතීඳ දයාසිරි ජයසේකර මැතිතුමා5. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා 6. නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මැතිතුමා7. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මැතිතුමා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *