2021.07.10 වන දින උඩුබද්දාව ” Orit Apparel ” ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් එන්නත් කිරීම සිදු කෙරිණ.

විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඉතා ඉහළ ස්ථානයක් හිමිකර ගන්නා ඇඟලුම් නිෂ්පාදන හා විකුණුම් ක්‍රියාවලිය, පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා දැඩි පහත බැසීමකට ලක් වී ඇත.කෙසේ හෝ පවතින තත්ත්වය තුළ සිය ක්‍රියාකාරීත්වය සමතුලිතව තබා ගැනීමට උත්සාහ කරනු ලබන එම ආයතන සිය සේවක සේවිකාවන්ගේ එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව මනා අවධානයක් යොමු කර ඇත.බිංගිරිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් ගරු දයාසිරි ජයසේකර මැතිතුමා එම ක්‍රියාවලිය කඩිනම් හා විධිමත්ව සිදු කිරීමට කටයුතු කරන අතර එහි මූලික අධියර ලෙස 2021.07.10 වන දින උඩුබද්දාව ” Orit Apparel ” ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් එන්නත් කිරීම සිදු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *