පශු සම්පත් අමාත්‍යාංශය හා එක්ව ප්‍රංශ රජයෙන් කිරි නිෂ්පාදනය නංවාලීම වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීමේ එලැබුනු ගිවිසිමකට අනුව අදාල ණය ආධාරය 2020 වර්ෂයෙදී ලැබුණු අතර, එම යන්ත්‍ර සූත්‍ර අදියර කිහිපයක් වශයෙන් ලංකාවේ කිරි නිෂ්පාදන සමිති සඳහා ලබා දීම සිදුකරන ලදී. ඒ අනුව මෑතකදී අත්තනගල්ල කිරි නිෂ්පාදන සමිතිය සඳහා ලැබුණු රු. ලක්ෂ 500 ක් වටිනා නවීන යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කිරීම සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූ අවස්ථාව.දෛනිකව කිරි ලීටර් 1500 ක් මෙම සමිතියෙන් ඒකරාශී කරන අතර එම ප්‍රමාණය ඉදිරියේදී වැඩි කිරීමටත් නවීන යන්ත්‍ර සූත්‍ර ලැබීමෙන් අනතුරුව ගුණාත්මකභාවයෙන් ඉහල ඉතාමත් හොඳ නිෂ්පාදන අත්තනගල්ල සමූපකාර කිරි නිෂ්පාදන සමිතිය මඟින් නිපදවීමට හැකි වේ.මෙම ව්‍යාපෘතිය සඳහා විදුලිය ලබා ගැනීම පිළිබඳව තිබු පිරිපාලනමය ගැටලු නිරාකරණය කරන ලදී. ඒ වෙනුවෙන් යම් මුදල් ප්‍රමාණයක් සමූපකාර අරමුදල මඟින් ලබා දීමට කටයුතු කරන බව දැන්විය.මෙම සමූපකාර සමිතියේ ගරු සභාපති මුතුගල මහත්මා ඇතුලු අධ්යක්ෂ මණ්ඩලය ඉතාමත් හොඳ පරිපාලනයකින් යුත් සාර්ථක සමිතියක් ලෙස පවත්වාගෙන යාම පිළිබඳව මාගේ ගෞරවය පිරිනමන ලදී.
අත්තනගල්ල කිරි නිෂ්පාදන සමිතිය සඳහා ලැබුණු රු. ලක්ෂ 500 ක් වටිනා නවීන යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කිරීම සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූ අවස්ථාව.
- by admin