ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1951 වසරේ සැප්තැම්බර් මස 02 වන දින ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් ආරම්භ කරන ලදුව ඉන්පසු නායකත්ව හතරක් යටතේ වසර 70 ක ගමනක් අද සනිටුහන් වනු ඇත.වතමන් පක්ෂ සභාපති, හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 70 වන සංවත්සරය සනිටුහන් වන අතර, ඒ වෙනුවෙන් දිවයින පුරා ලේ දන්දීමේ වැඩසටහන් රාශියක් සංවිධානය කරන ලදී. මේ වන විටත් ජාතික රුධිර බැංකුව වෙත ලේ පයින්ට් දෙදහසකට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කොට ඇති අතර කොවිඩ් වසංගතය හේතුවෙන් කිසිඳු උත්සවයක් නොපැවැත්වීමට පක්ෂය තීන්දු කොට ඇත.