21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් තවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතු නැත…

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් තවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතු නැත. මෙය සැබැවින්ම ජනතාවාදී දේශහිතෛශී ආණ්ඩුක්‍රමයක්ම විය යුතුය.

මේ පිළිබඳව අදහස් හා යෝජනා සහිත වූ සුවිශේෂී සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී මණ්ඩලය,නීතිඥ සංගමය හා නිදහස් වෘත්තීයවේදීන් විසින් 2022.07.08 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්,කතෝලික පූජකවරුන්,රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්,වෘත්තීය සමිති ක්‍රියාකාරී නියෝජිතයින් රැසක් එක් විය.

– මාධ්‍ය අංශය –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *