2022 කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය සදහා ආරාධනා ලැබ තිබෙන මා ඊයේ (07) දිනයේ දී කොරියානු තානාපති Woonjin JEONG හමුවී ලෝක සාම සමුළුව පිළිබදව ද කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන සාකච්ඡා කරන ලදී.

එතුමා හමුවි සාකච්ඡා කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වන අතර තානාපතිතුමන් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙමි.