කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේවනවිට ශ්‍රී ලංකාවේ සෑම රෝහලකම වාගේ දැඩි ලේ හිඟයක් පවතින අතර, ලේ බිඳක් දන්දී ජීවිතයක් බේරා ගැනීමේ උතුම් පිංකමට සම්බන්ධවීමේ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්තව සංවිධානය කරන ලේ දන්දීමේ මහඟු පුණ්‍යකර්මය හරහාය.මේ සඳහා මේ වනවිටත් ජාති, ආගම්, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු දෙනාගේ සහයෝගය හිමිවෙමින් පවතියි.ලේ දන්දීම සඳහා එක්වන පරිත්‍යාගශීලීන්ගේ ගණනද දවසින් දවස වැඩිවෙමින් පවතියි.
2021.09.19 වන දිනයේත් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ආසනයේ දකුණු තලංගම මයුරපාද විහාරස්ථානයේදී ලේ දන් දීමේ වැඩසටහනක් කඩුවෙල ආසන සංවිධායක හෙක්ටර් බෙත්මගේ මැතිතුමා විසින් සංවිධානය කර තිබුණු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී. ල.නි.ප. උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමා, කඩුවෙල ආසන සංවිධායක හෙක්ටර් බෙත්මගේ මැතිතුමා ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා,කඩුවෙල නාගරික මන්ත්‍රී කණ්ඩායම ,කඩුවෙල මධ්‍ය බල මණ්ඩලයේ සමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී විය.
ලේ දන්දීම සඳහා සහභාගීවූ සියලු දෙනාටම ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් සහතිකයක්ද ලබාදෙනු ලැබීය. කොළඹ දිස්ත්‍රික්කය පුරා ආසන සංවිධායකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙවැනි වැඩසටහන් 19ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එදින එහි එකොළොස්වන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.