2021 වර්ෂය සඳහා මාගේ විමධ්‍යගත ප්‍රතිපාදන වලින් බියගම ආසනයේ අවමංගල්‍යාධාර හා සුභසාධක සමිති සඳහා පුටු පරිත්‍යාග කිරීම ඊයේ (11.01)දින සිදු කළ අවස්ථාව.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසන සඳහා ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත.

මෙම අවස්ථාව සඳහා බියගම ආසන සංවිධායක නලින් සේනක දිසානායක මහත්මා හා කොට්ඨාශ නායකයින් වන කරුණාරත්න හෙට්ටිආරච්චි මහත්මා, එස්.ඒ මහින්ද මහත්මා, පී.ජී ප්‍රේමවංශ මහත්මා, සුමන රත්න බණ්ඩාර මහත්මා ඇතුලු පිරිසක් සහභාගී විය.