2016 මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන අවධියේදී මිලියන 32 කට ආසන්න මුදලක් (රු.32,000,000.00) යටතේ එම අමාත්‍යාංශ ප්‍රතිපාදන වලින් මීවිටිගම්මන, නාලිකේරාරාම විහාස්ථානයට ලබා දුන් පරිත්‍යාගයෙන් විහාරස්ථානයේ දාන ශාලාව සහ බහුකාර්ය ගොඩනැගිල්ල ඉදි කරන ලදී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක හිමිපාණන් විසින් මෙම ගොඩනැගිල්ල (2021.11.14) වන දින විවෘත කරන අවස්ථාව සඳහා සහභාගී වූ අවස්ථාව.මෙහි දාන ශාලාව තුල ස්වාමීන් වහන්සේලා සියක් නමක් සඳහා දානය පිළිගැන්වීමටත්, 250 කට ආසන්න පිරිසක් සහභාගී කර ගත හැකි රැස්වීම් ශාලාවක් ද සහිත මෙය අංගසම්පූර්ණ ගොඩනැගිල්ලකි.

මෙම ව්‍යාපෘතියේ අවසන් වැඩකටයුතු නිම කිරීම සඳහා වර්තමාන අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට මුදල් අමාත්‍යාංශ අමාත්‍යතුමා ලෙස සුවශේෂී දායකත්වයක්ද මේ සඳහා ලබා දෙන ලදී.මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක හිමිපාණන් ඇතුලු ගරුතර ස්වාමීන් වහන්සේලා, පාරිලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මැතිතුමා සහ දායක සභාවේ උපාසක මහත්ම මහත්මීන් සහභාගී විය.