සෞඛ්‍යය වෛද්‍ය උපදෙස් පරිදි පඩුවස්නුවර ආසනයේ දොළහමුණ , හෙට්ටිපොළ හා කොටඹපිටිය යන ග්‍රාමසේවා වසම් තුනෙහි ජනතාව 2500 දෙනෙක් සදහා මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කරන ලදී.

පවතින තත්ත්වය යටතේ මේ වන විට ගමින් ගමට එන්නත්කරණ ක්‍රියාවලිය විධිමත් අයුරින් සිදුවෙමින් පවතී.අද (05) දින සෞඛ්‍යය වෛද්‍ය උපදෙස් පරිදි පඩුවස්නුවර ආසනයේ දොළහමුණ , හෙට්ටිපොළ හා කොටඹපිටිය යන ග්‍රාමසේවා වසම් තුනෙහි ජනතාව 2500 දෙනෙක් සදහා මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කරන ලදී.

මෙම කාර්‍ය වඩාත් සාර්ථක කරගැනීම සදහා කටයුතුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතාටත්, ප්‍රදේශයේ සියළුම රාජ්‍ය ආයතන හා ඒවායේ නිළධාරී මණ්ඩලයටත්, ගම්වාසීන්ටත් ස්තුතිය පුද කිරීමට ගරු දයාසිරි ජයසේකර මැතිතුමා අමතක නොකලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *