සිය විශේෂඥ දැනුම මෙහෙයවමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ, ලේකම් , භාණ්ඩාගාරික හා සභාපති ධූරදරමින්, ජනතාවාදී දේශපාලනයක නියැලුණු කිංස්ලි ටී වික්‍රමරත්න මහතා, මීට වසර 13 කට පෙර එනම්, 2008 වර්ෂයේ ඔක්තෝම්බර් මස 1 වන දා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.එතුමා ඒ වන විට 69 වන වියෙහිපසු විය.

වර්ෂ 1989 දී කඩුවෙල ආසනය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික දේශපාලනයට එක් වූ එතුමා, 1994 සිට 2000 වර්ෂයේ අගෝසේතු අතර කාලය තුළ පොදුජන එක්සත්පෙරමුණු රජයේ, වෙළඳ , වෙළඳ වාණිජ හා ආහාර පිළිබඳ කැබිනට් අමාත්‍යධූරය දරමින් මෙන්ම ජාතයන්තරවෙළඳාම, ආයෝජනය, කාර්මික යටිතල පහසුකම් හා සමාජ ආර්ථික සංවර්ධනය සදහා අනුබල දීමවෙනුවෙන් වූ කැබිනට් කමිටු වලට ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් හා සිය ප්‍රවීණත්වය තුළින් ජනතාවට සේවයක්සලසන්නට නිරන්තරයෙන් කැප විය.

කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබමින්, සාර්ථකව වයවසායකයෙකු වීමේ පෙරමඟ ලකුණුපෙන්නුම් කළ ඔහු “එක්සත් රාජධානියේ කළමනාකරණ ආයතනයේ ” සාමාජිකයෙක් ද විය.කළමනාකරණ හා අලෙවි උපදේකශකයකු ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළේය , සිය විෂය පථයෙහිපරතෙරටම ප්‍රගුණ කරමින් සාර්ථක ගමන් මගක නියැලුණු අතර, “ඇමරිකාවේ තරුණ ජනාධිපතිවරුන්ගේසංවිධානයට” ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස මෙරටට කීර්තියක් අත්කර දුන්නේය.

අති සාර්ථක ව්‍යවසායකයකු මෙන් ම නායකයකුද වූ එතුමා ,මෙරට සෙරන්ඩිබ් හෝටල් සමූහයේ හා වික්ස් සමාගම් සමූහයේ සභාපති ධූරය දැරූ අතර , ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සමාගමේ විධායක උප සභාපතිධූරයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස , තමා යටතේ තිබූ රටවල් 64 ක් පුරා සිය පාලනය මෙහෙයවමින්දක්ෂ කළමනාකරණයක නියැලුණ සුහුරු ව්‍යවසායකයෙකු විය .

1974 වර්ෂයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග දේශපාලන වශයෙන් සම්බන්ධ වූ මෙතුමා , එතැන්පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් , කටයුතු කරන්නට යෙදුනේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ප්‍රධාන පෙළේ වගකීම් රාශියක් දැරූ කංස්ලි ටී වික්‍රමරත්න මහතා, 1978 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂශයේ සහකාර ලේකම්වරයා ලෙස තේරී පත් වූ අතර, ආර්ථිකය, ව්‍යවසාය ,වාණිජවෙළඳපොළ සම්බන්ධයෙන් අන් කිසිවකු සතු නොවූ ප්‍රවීණත්වයකින් යුතු විය.

ජාතික දේශපාලනයට එක්වන්නට පෙර සිටම,සිය වෘත්තිය නිපුණත්වය තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හාමහජනතාවට සේවය සැලසූ කිංස්ලි ටී වික්‍රමරත්න මහතා, 1983 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස්පක්ෂ භාණ්ඩාගාරිකවරයා ලෙස තේරී පත් විය.සිය දැනුම හා බුද්ධිය මෙහෙයවමින් ගෞරවණීය දේශපාලනයක නියැළුණු එතුමා ,ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික සමුළු රාශියකටද සහභාගි විය.වර්ෂ 1989 සිට 2000 දක්වා වූ වසර 11 ක කාලය තුළ , නිදහස් පක්ෂ සාමාජිකයෙකු වශයෙන්පාර්ලිමේන්තුව නියෝජනය කළ එතුමා ,මෙරට ආර්ථික හා මහජනතාවගේ සුභසිද්ධිය වැඩි දියුණු කරීමපිණිස , අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නොපැකිලිව කටයුතු කළේය.

පාර්ලිමේන්තු ගමන අවසානයේ 2001 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරත්වයට පත් වූඑතුමා , 2002 වර්ෂශයේදී දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත් වූයේ එහි 5 වන ආණ්ඩුකාරවරයා ලෙසයි.2001 පෙබරවාරි මස 1 වන දා සිට 2006 ඔක්තෝම්බර් මස දක්වා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ එතුමා , ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සැම විටම පෙනී සිටියේය.

ශ්‍රී ලංකාවෙන් ඔබ්බට රටවල් අති විශාල සංඛ්‍යාවක සංචාරය කර ඇති, රටවල් අති විශාල සංඛ්‍යාවක මිනිසුන්සමග වෘත්තීයම හා දේශපාලනික වශයෙන් අත්දැකීම් තිබූ එතුමා, ව්‍යවසායක්තවය, ආර්ථිකය හා වාණිජවෙළෙඳපොළ පිළිබඳව මනා දැනුම් සම්භාරයක් හෙබි, විශ්ව කෝෂයක් බඳු පුද්ගලයෙක් වූ අතර, මිය ගොස් 13 වසරකට පසුවද පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම පාක්ෂිකයන්ටද, සමස්ථ ලාංකිකයන්ටදඔහුගේ අඩුව තවමත් දැනෙන බව නම් නොඅනුමානය.