සාමයේ කුමාරයාණන් ලෙස හැඳින්වෙන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූ දිනය උතුම් නත්තල ලෙස අප සියලුදෙනා එක්ව සමරන්නෙමු.

ලොවට පහළ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ජිවිතයම කැප කළේ ආදරය, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙනි. එමෙන්ම මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය උතුම් නත්තලේ පණිවිඩයයි. රටේ ජනතාව දිළිඳුකමින් මුදාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට මෙම නත්තලේ දී සියලුදෙනා අදිටන් කර ගත යුතු අතර මහමැදුරටත් දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදිය යුතුය.මතුව ඇති සියලු අභියෝග ජය ගනිමින් උතුම් නත්තලේ රීදි සීනු හඬ දසත පතුරවන්නට හැකිවේවායි ප්‍රාර්ථනය කරන අතර සමස්ත ලෝකවාසී කිතුනු ජනතාවට සාමය, සතුට, සහජීවනය සහ සෞභාග්‍ය පිරි සුබ නත්තලක් වේවායි ශුභාශිංසනය කරමි.