සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමාවති පුදබිමේ පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 7ක වියදමින් වැඩනිමකල තෙමහල් ධර්මශාලා මන්දිරය,දෙමහල් සනීපාරක්ෂක පද්ධතිය ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා පුජා කිරිමේ පුණ්‍යෝත්සවය මාගේ ප්‍රධානත්වයෙන් අද (07) සිදුවිය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක මහතා,රොෂාන් රණසිංහ මහතා,සිරිපාල ගම්ලත් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ,අමරකිර්ති අතුකෝරළ යන මහත්වරුන්ද සහභාගි විය.