එයට සමගාමී වූ පක්ෂය ගොඩනගන දැවැන්ත වැඩපිළිවෙළ තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ,කාන්තා හා ගුරු සංවිධාන පිහිටුවීම 2021.10.17 වන දින සිදු විය.මෙහිදී එම සංවිධානයන්හි නිළධාරී මණ්ඩලය පත් කර ගැනීමද පැමිණ සිටි අයගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාව සදහා හිටපු ආණ්ඩුකාරවර නුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සරත් ඒකනායක,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර,වයඹ පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වෙඩරුව,වාරියපොල,පඩුවස්නුවර හා කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන්,දිස්ත්‍රික් සංවිධායකවරුන්,ආසන සංවිධායකවරුන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,මන්ත්‍රීවරියන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක් විය.
එමෙන්ම කාන්තා,තරුණ හා ගුරු සංවිධානයන්හි අභිනව නිළධාරීන් වශයෙන් පත්වූ සියළු දෙනාහට අපගේ සුභාසිංසන එක් කරමු.
– මාධ්‍ය අංශය –