විශේෂයෙන්ම මේ දිනවල ඇති වූ ගෑස් මඟින් සිදුවන පිපිරීම් පිළිබඳව අද දෙවන වරටත් සාකච්ඡා කළ අතර මෙම පිපිරීම් සඳහා හේතුව වශයෙන් සිලින්ඩර පුපුරායාමක් නොවන බව රජයේ රස පරීක්ෂකවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
මෙහිදී ගෑස් භාවිතා කිරීම සඳහා යොදාගන්නා උපාංගවල ගුණාත්මකභාවය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. මෙහිදී ගුණාත්මකභාවය නොමැති උපාංග වෙළෙඳපොල තුළ පවතීද යන්න කඩිනමින් පරීක්ෂා කිරීමටත්, මෙම උපාංගවල ගුණාත්මකභාවයන් පරීක්ෂා කිරීමටත්, ගෑස් සිලින්ඩරයේ තිබෙන ගෑස්වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගැනීමටත් සාකච්ඡා කෙරුණි.
ලබන සතිය වන විට සියලුම මාධ්‍ය ආයතන, සමාජ ජාලා වෙබ් අඩවි සහ මෙම ආයතන හා එක්ව පුළුල් ජනතා දැනුවත් කිරීමේ වැඩපිලිවෙළක් පැවැත්වීමට අද දින මෙම ආයතන එකඟතාවයක් දැක්විය.
ලෝකයේ සෑම රටක්ම මෙම ගෑස් භාවිතය නිසා සිදුවන අනතුරුවලට මුහුණ දෙන අතර මෙරටත් සෑම වර්ෂයකම 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් මෙවැනි අනතුරු සිදුවී ඇති බැවින් ඉතාමත් කඩිනමින් මෙම අනතුරු සම්පූර්ණයෙන්ම ශුණ්‍ය කර ගැනීමේ ඉලක්කයක් ලෙස කටයුතු කිරීමට සියලුම දෙනා එකඟ විය.