මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැයි දිනය නිමිතිකොට ඉදිරිපත් කරන ලද 21 ට 21 ක් යෝජනාවලිය යටතේ රැකියා ලක්ෂයේ සේවකයින් බඳවා ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාල ගැටලුව පිළිබඳව සාකච්ඡා කෙරුණි.
මෙම සාකච්ඡාව සඳහා ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා, ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා, ගරු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා හා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සහභාගී විය.






