ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 62 වන ගුණ අනුස්මරණය වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ගරු සභාපති, 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන්, පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියස පුෂ්පොපහාර දැක්වීමට ලැබීම මා හට මහත් ගෞරවයකි.

1984 වර්ෂයේ එනම් පාසල් අවදියේ සිට මතලේ එම්. සී. පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති සාමාජිකයෙක් ලෙස සාමාජිකත්වය ලබමින්, දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමයේ ශ්‍රී:ල:නි:ප: මාතලේ දිස්ත්‍රික් තරුණ සංවිධානයේ සභාපතිත්වය දරමින් ආරම්භ කල දේශපාලන ගමන් මග 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමයේ දෙවරක් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ලාභියා ලෙස උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලැබීමද, වර්ථමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිත්වය දක්වා පැමිණීමට මාර්ගය සැකසෙන්නේ එදා බණ්ඩාරනායක ශ්‍රීමතානන් ගොඩනැගූ පොදු ජන හිතකාමී දේශපාලන ප්‍රවාහය නිසාවෙන් බව මේ මොහොතේ සිහිපත් කරන්නේ හද පිරි ගෞරවයෙනි.