ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පක්ෂයේ භාණ්ඩාගාරික ,අමාත්‍ය ලසත්ත අලගියවන්න යන මහත්වරුන්ගේද සහභාගීත්වය ඇතිවය.එහිදී දිවංගත එස්.ඩබ්ලිව් .ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පුෂ්පෝපහාර දක්වා සිහිකෙරුණු අතර විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ පුණ්‍යකර්මයද සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරුණි. ජාති,ආගම්, පක්ෂ බේදයකින් තොරව විශාල පිරිසක් ලේ පරිත්‍යාග කිරීම සදහා මොරටුව,කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ශ්රවණාගාරයට එක් රොක් වී සිටියහ.එය මෙතෙක් පැවති ලේ දන්දීමේ වැඩසටහන් අතරින් වැඩිම පරිත්‍යාගශීලීන් පිරිසක් සහභාගි වූ වැඩසටහන ලෙසද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වාර්තා අතරට එක්ව තිබිණ . ඒ එක් දිනක් තුළදී එක් ස්ථානයක ලේ පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලීන් 296 දෙනෙකු ඊට සම්බන්ධව වෙමිනි. කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු,පළාත් පාලන නියෝජිතයන් ,කොළඹ දිස්ත්‍රික් සංවිධානයේ සාමාජිකයන්, මොරටුව මධ්‍ය බල මණ්ඩලයේ සමාජිකයන් ඇතුළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වුහ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු කතා කළ ශ්‍රීලනිප වත්මන් සභාපති, හිටපු හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ බණ්ඩාරනායක චින්තනය අනුව යමින් “මැඳුම් පිළිවෙල” ඔස්සේ හැම විටම රට පාලනය කළයුතු බවය. එසේම මෙවැනි වසංගත සමයක “මනුෂ්‍යත්වය පිළිබඳ පාඩම” වෙනදාටත් වැඩියෙන් තවත් කෙනෙකුට කියා දිය යුතු බවද එතුමා පැවසීය.
ලේ දන්දීම සඳහා සහභාගීවූ සියලු දෙනාටම ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් සහතික පතක්ද , තිලංග සුමතිපාල පදනමෙන් වියළි අහාර පාර්සලයක්ද පිරිනමනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කය පුරා ආසන සංවිධායකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙවැනි ලේ දන්දීමේ වැඩසටහන් 19ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අද දින එහි දහසය වැනි වැඩසටහන ක්‍රියාවට නැංවුණි .
ඉතා සාර්ථක ලේ දන් දීමේ වැඩසටහන සංවිධානය කිරීමට සහයෝගය ලබා දුන් මොරටුව ශ්‍රී. ල.නි.ප. ආසන බල මණ්ඩලයේ සියලු දෙනා වෙත මේ මොහොතේදී මා හදවතින්ම ස්තූති වන්ත වන අතර ,ලේ පරිත්‍යාග කළ ආදරණීය ජනතාවටත්, ජාතිකb රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මාගේ හෟදයාංගම ස්තුතිය මෙසේ පුදකර සිටිමි.+14