ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමා විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ,කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්,පළාත් පාලන නියෝජිතයන්ගේ සහභාගීත්වය ඇතිවය.එහිදී දිවංගත එස්.ඩබ්ලිව් .ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පුෂ්පෝපහාර දක්වා සිහිකෙරුණු අතර විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ පුණ්‍යකර්මයද සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරුණි. ජාති,ආගම්, පක්ෂ බේදයකින් තොරව විශාල පිරිසක් ලේ පරිත්‍යාග කිරීම සදහා මොරටුව,කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ශ්රවණාගාරයට එක් රොක් වී සිටියහ.
පක්ෂ සංවත්සරයට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක කළ ලේ දන් දීමේ වැඩසටහන් මාලාවේ මෙතෙක් පැවති ලේ දන්දීමේ වැඩසටහන් අතරින් වැඩිම පරිත්‍යාගශීලීන් පිරිසක් සහභාගි වූ වැඩසටහන ලෙසද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වාර්තා අතරට එක්ව තිබිණ . ඒ අනුව එක් දිනක් තුළදී එක් ස්ථානයකදී 296 දෙනෙකු ලේ පරිත්‍යාග කිරීමේ උතුම් පිංකමට සමිබන්ධ වීමෙනි.
මෙම වැඩසටහන ඉතා සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳව අප පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක,මොරටුව ආසනයේ ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මැතිතුමාට මා ස්තූතිය පුද කරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
#Dayasiri#dayasirijayasekara#SLFP#SrilankaFreedomParty#Thilangasumathipala#blooddonation#ApekamaRateNama