ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව ලේ බැංකුව වෙත ලේ පයින්ට් දස දහසක් ලබා දීමේ වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ආසනයේ ලේ දන් දීමේ කඳවුර ඉසින්බැස්සගල රාජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම ලේ දන්දීමේ කඳවුර අනුරාධපුර මැදවච්චිය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද, මැදවච්චිය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ඉසින්බැස්සගල කොට්ඨාශ සංවිධාායක ඊ.එම්.කේ ඒකනායක යන මහත්වරුන් විසින් මෙම ලේ දන්දීමේ කඳවුර සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක, සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාද ලේ දන්දීමේ කඳවුරේ කටයුතු නිරීක්ෂණය කළහ.