ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව දීපව්‍යාප්තව සංවිධානය කරන ලේ දන්දීමේ මහඟු පුණ්‍යකර්මය හරහා කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ ආසනයේ තොටළඟ ශ්‍රී බෝධිරාජාරාමයේදී ලේ දන් දීමේ වැඩසටහනක් සාර්ථක ලෙස නිමාවට පත් විය.

ලේ දන්දීම සඳහා සහභාගීවූ සියලු දෙනාටම ශ්‍රී.ලං.නි. පක්ෂය විසින් සහතිකයක්ද ලබාදෙනු ලැබීය. කොළඹ දිස්ත්‍රික්කය පුරා ආසන සංවිධායකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙවැනි වැඩසටහන් 19ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඊයේ දින එහි නවවන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *