ශ්‍රී ලංකාව සැබෑ ලෙසම දේශපාලන වශයෙන් නිදහස් වෙමින් 1972 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්වීමේ 49 වන සංවත්සරය මැයි 22 දිනට යෙදී තිබේ.

ශ්‍රී ලංකාව සැබෑ ලෙසම දේශපාලන වශයෙන් නිදහස් වෙමින් 1972 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්වීමේ 49 වන සංවත්සරය මැයි 22 දිනට යෙදී තිබේ. ඇත්ත වශයෙන් 1948 ඩොමිනියන් තත්ත්වය යටතේ ලද නිදහසින් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මහජන වරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස මීට වසර 49 ක ට පෙර නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙන් පසුව මෙම ඓතිහාසික අවස්ථාව උදාවිය. විශේෂයෙන් ම එම කාලවකවානුව තුල පාර්ලිමේන්තුව සතුව තිබූ උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කරමින් ජාතික රාජ්‍ය සභාව ලෙස ව්‍යවස්ථාදායකය පිළිගන්න වැඩ පිළිවෙල සකස් විය. එමෙන් ම රටේ ස්වෛරීත්වයට මහත් බලපෑමක් එල්ල කළ උපරිමාධිකරණය ලෙස බ්‍රිතාන්‍ය මහාධිකරණය පිළිගැනීම අහෝසි කර ශ්‍රී ලංකා උපරිමාධිකරණය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගැනීම සිදු විය. අනෙක් පසින් බ්‍රිතාන්‍ය රන් පවුම්, වතු, ජාතිය සතු කළ අතර සමාජ සාධාරණත්වයක් සඳහා වූ පුළුල් ජාතික ප්‍රතිපත්ති ක්‍රිියාත්මක කිරීම මෙම ක්‍රියාදාමයත් සමඟ ආරම්භ විය.
1978 සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමග නැවත 1948 ඩොමිනියන් නිදහස් දිනය ලංකාව නිදහස ලබාගත් දිනය ලෙස පිළිගැනීමත් සමඟ 1972 පූර්ණ ලෙස නිදහස ලබා ගත් ජනරජ දිනය වූ මැයි 22 වන දිනය ලංකාවෙන් අහෝසි විය. සත්‍ය ලෙස අදටත් අප පිළිගත යුතු ඇත්ත තත්ත්වය වන්නේ 1972 මැයි 22 යනු අපේ රට සැබෑ ලෙස නිදහස් වූ දිනය ලෙස සලකා බැලීමයි. ඒ වෙනුවෙන් සැබෑ ලෙස ජනරජයක් බවට පත් කර ගැනීමට ක්‍රියා කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිහිපත් කිරීමත් එමෙන් ම ඒ වෙනුවෙන් එදා කොළඹ රාජකීය විද්‍යාලයේ නව රගහල් ශාලාව ඉදිරිපිට දී ජාතික කොඩිය ඉසිලීමෙන් ආරම්භ වූ ඒ ජනරජ දිනය සැමරීම වස් අපේ පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් අපේ පක්ෂයේ ප්‍රධානීන් විසින් ලංකාවේ පළමු වන අග්‍රාමාත්‍යවරිය සහ ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට උපහාර දැක්වීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි එතුමියගේ පිළිරුවට මල්මාලා පැළඳවීම අද දින සිදු කරනු ලබන අතර මේ රට සම්පූර්ණයෙන් යටත් විජිතවාදයෙන් නිදහස් වූ දිනය ලෙස මැයි 22 වන දිනය ජනතාවට අමතක නොවේය යන්න අප සියලු දෙනා විශ්වාස කරමු.
නීතීඥ දයාසිරි ජයසේකර
(ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *