ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම පාහේ ආවරණය කරන 103ක් වූ ගංගා පද්ධතිය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් “සුරකිමු ගංගා” ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් හා නිලධාරීන් සමග සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමයට අද (සැප්තැම්බර් 17) දින පැවැත්විය.