ශ්‍රීලනිප 70 සංවත්සරය අමතා පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා පැවැත් වූ කතාව …

”රට ම මහා ව්‍යසනයකට ම මුහුණ දීලා තියෙනවා. මේ වෙන කොට 40,00කට අධික ජනතාවක් කැලණි ගං මිටියාවතේ, හතරකෝරලේ, කෑගල්ල ප‍්‍රදේශයේ වසංගතයට ගොදුරු වී තිබෙනවා. ඉංගී‍්‍රසි යටත් විජිත පාලකයන්ට, නිලධාරීන්ට ඒ ගැන අවබෝධය අඩු වී අපේ මොරවක මන්තී‍්‍රතුමා එස්.ඒ. වික‍්‍රමසිංහ ප‍්‍රධාන සූරිය මල් ව්‍යාපාරය ඉටු කරනනේ ලොකු සේවාවකයෝ. සහල්, පරිප්පු, බෙහෙත් ගමින් ගමට ගෙන ගිහිං ඒ අය බෙදනවා. වසංගතයෙන් බේරා ගැනීමට කිසිම පක්ෂ භේදයකින් තොර ව ඉංගී‍්‍රසි පාලකයන් කොයිතරම් අපට නොසැලකුවත් අපි අපේ ජනතාවට කළ හැකි හැම දෙයක් ම කරන්නේ ඕනෑ.”

එදා පහුගිය 20 ශතවර්ෂයේ අපේ රටේ ඇති වුණ මහා මැලේරියා වසංගතය හමුවේ 1934 රාජ්‍ය මන්ත‍්‍රණ සභාව අමතා කළ එදා වේයන්ගොඩ මන්තී‍්‍ර එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක අපේ පක්ෂයේ නිර්මාතෘතුමා එසේ ස`දහන් කළා.

ගෞරවනීය මහා සංඝරත්නය, සෙසු පූජ්‍ය පක්ෂයෙන් අවසරයි . අප පක්ෂයේ නායක 6 වන විධායක ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රධාන පක්ෂයේ නිලධාරීවරුනි, ගම් බිම් මට්ටමේ සියලූ කි‍්‍රයාකාරීන්ගෙන් සහ සුබ පතන්නන්ගෙන් අවසරයි.

එදා අපේ නායකයා ඒ අධිරාජ්‍ය විරෝධී සූරිය මල් ව්‍යාපාරයේ ආරම්භක කමිටුවේ හිටියා. එහි නායකත්වය දැරුවේ පුරෝගාමී වමේ නායකයින් . එත් එහි භාණ්ඩාගාරික වුණේ අපේ බණ්ඩාරනායක මහත්තයා.

එසේ

එසේ දේශපාලනය ඇරඹු එතුමා අනගාරික ධර්මපාල තුමා, ආනන්ද ද කුමාරස්වාමි, කුමාරතුංග මුනිදාස, සී.බඞ්.බඞ්. කන්නන්ගර, මහා කවි ආනන්ද රාජකරුණා හරහා ලංකා ජාතික සංගමය, සිංහල මහ සභාව හරහා ලබාගත් පන්නරයෙන් තමයි 1951 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහි කළේ.මේ ඉතිහාසය මේ 70 සංවස්තරය දා අපට ආඩම්බරයක්, ආශ්වාදජනකයි. ඉතිහාසයක්, උරුමයක් නැති අය තමයි ඒවා අමතක කරනනේ. එපා කියන්නේ. අපි කට්ටිවාදී වෙන්න හො`ද නැහැ. එ මුල් අධිරාජ්‍ය විරෝධී සූරිය මල් ව්‍යාපාරයේ හිටියා වමේ නායකයින්ට අමතර ව ඩඞ්ලි සේනානායකත්, ඞී.එම්. රාජපක්ෂ වගේ ම විජයානන්ද දහනායකත්.ඒ උරුමයේ නූතන කතාව මොකක්ද? සියලූ වාද භේද පසෙකලා ජාතිය අද ජීවිතය ඉල්ලා හ`ඩා වැටෙනවා. රෝහල්, රෝගීන්, ගැබිනි මව්වරුන්, දරුවන්, රුධිරය ඉල්ලා ආයචනා කරද්දී අපේ පක්ෂය සියලූ සාමාජික කි‍්‍රයාකාරීන්ගෙන් ලේ දන් දෙන ලෙස ඉල්ලා සිටියා. මේ වෙන කොට රට පුරා සියලූ ම උතුරු නැගෙනහිර, බටහිර, දකුණු සෑම දිස්ති‍්‍රකයක ම ලේ බැංකුවට අවශ්‍ය සංචිතවලට ප‍්‍රමාණවත් තරම්, රුධිරය ලැබී තියෙනවා. ඒ අපේ අතීත නිර්මාතෘවරයාගේ අතීත උරුමය ඉදිරියට පවත්වාගෙන යමින්, සිහිපත් කරමින් ඒඅයට කෘතවේදීත්වය පළ කරනවා…. ගෑවිච්ච ගෑවිච්ච අයට ඡුන්දේ දෙන්න න එපා! උකුස්සා, කියද්දි අපි කට්ටිවාදී වුණේ නැහැ. දෑත් දිගු කරලා මේ ව්‍යසන අවස්ථාවේ කළ හැකි පරිදි ලේ දන් දෙන ගමන් තම වැටුප් මුදල් ස්වෙච්ඡුාවෙන් ලබා දෙන්න තීරණය කළා.ආදරණීය මිතුරියනි, මිත‍්‍රවරුනි,මේ අප ගත කරන්නේ කවර වකවානුවක් ද? සියලූ මහ බැංකු වාර්තා, ආර්ථික සමාජ විද්‍යාඥයින්ගේ දත්ත, වාර්තා පෙනන්වා දෙනවා කොරෝනා වසංගතය සම`ග අපේ රටේ ආදායම් බෙදී යාම තවත් විෂම වෙලා කියලා. ලංකාවේ පෝසත්ම 20% — කලින ් බෙදුණේ සමස්ත ධනයෙන් 51%. දැන් එ ්ක කොරෝනා වසංගතය සම`ග 52% දක්වා වැඩි වෙලා. ලංකාවේ දුප්පත්ම 20% දෙනාට කලින් බෙදුණේ සමස්ත ධනයෙන් 4.5%ක්. දැන් එය 4.3% දක්වා තවත් අඩු වෙලා. ඒ කියන්නේ ලොකු ම පෝසතුන් තවත් පෝසත්වෙද්දී දුප්පතුන් තවත් දුප්පතුන් වෙලා. — හා පෝෂණ පිළිබඳ විද්‍යාඥයින් කියනවා ලංකාවේ කුඩා දරුවන්ගෙන් 1/3 ක් දෙනා ?ට නින්දට යන්නේ බඩගින්නේ, කුසගින්නේ කියලා. ලංකාවේ සමස්ත දරු පවුල් සංස්ථාව ලක්ෂ 45කට ටිකක් වැඩියි. එයින් ලක්ෂ 15කට අධික ප‍්‍රමාණයක් නිදාගන්නෙත් ?ට කෑමක්, ආහරක් නැති ව කුසගින්නේ මේ අතර තවත් බිහිසුණු වාර්තාවක් කියනවා ඒ තමයි මේ කොරෝනා වසංගතය හමුවේ ප‍්‍රධාන ව්‍යාපාරිකයෝ 15-18 විතර තමන්ගේ ආදයම් දෙගුණයකට ආසන්න කරගෙන කියලා.මේ අසමානකම්වලට විපාකය සෑම ක්ෂේත‍්‍රයක ම විහිදින වංචා, දුෂණ, ළමා අපරාධ, මත්ද්‍රව්‍ය, දුරාචාර දක්වා විහිදි යනවා.මේ සමාජයේ අසමානකම් නිවැරදි කරන්නේ කොහොම ද? 70 වන සංවස්තරය සමරන මේ මොහොතේ අපේ පක්ෂයේ අනාගත ගමන් මග සකස් කරන්නට මේවා මග පෙන්වනවා. ඒ සදහා දැක්මක්, සැලැස්මක් සකස් කළ යුතු ව තිබෙනවා.කොරෝනා වසංගතය හමුවේ පාසල්, විශ්වවිද්‍යාල සියල්ල වසා දමලා. ලෝකයේ බොහෝ රටලවත් එහෙමයි. එහෙත් අපේ රටේ තත්ත්වය තවත් සංකීර්ණයි. දුරස්ථ අධ්‍යාපනය වුණත් 50%කට ආසන්න දෙනෙකුට අහිමි ඇයි ? නවීන ස්මාර්ට් ජංගස දුරකථනයක් අරං දෙන්න බොහදෙමාපියන්ට බෑ. තිබුණත් සංඥා ලැබෙන්නේ නැහැ.පක්ෂ භේදයකින් තොර ව සෑම ආකාරයක ම සම්පත් බෙදීයාමේ ප‍්‍රශ්නයට උත්තර සෙවීම අප හමුවේ ඇති ප‍්‍රධාන අභියෝගය බව මේ අවස්ථාවේ දී අපි හැමෝම අවධාරණය කළ යුතුයි කියලා මම හිතනවා. 70 වසරක් තුළ අපේ පක්ෂ ඉතිහාසයේ කළ කී දෑ ඊට අත්දැකීම් එකතු කරනවා.නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ, දේශීය කර්මාන්ත, 18 තරුණයින්ට ඡන්ද බලය ලබා දීම වෙනත් සමාජ ප‍්‍රතිසංස්කරණ ඊට උදාහරණ. අද වෙන කොට මේ සියල්ල බි`ද වැටී තියෙනවා.1956 එදා වරප්‍රසාදලත් පංතියට පමණක් සීමා වුණ උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාමාන්‍ය ගැමි, ගොවි කම්කරු ජනතාවගේ දරුවන්ට විවෘත කළේ විද්‍යෝදය, විද්‍යාංලකාර මහ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත් කරමින් එදා වරප‍්‍රසාද ලත් බමුණු කුලය ඒ ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධ වුණා. විවේචනය කළා. එහෙත් අද මේ කොරෝනා වසංගතය හමුවේ රටට අවශ්‍ය විද්‍යාත්මක මගපෙන්වීම, පර්යේෂණ අපේ රටට පමණක් නොව ලෝකයට ම මගපෙන ්වන්න මේ විශ්වවිද්‍යාවලින් බිහිවුණු සාමාන්‍ය පංතියේ විද්‍යාඥයින්ට හැකි වී තියෙනවා. එදා ඇරඹූ සමාජ ප‍්‍රතිසංස්කරණවල නූතන යුගයට යාමත් කාලීන වන බව මෙයින් පෙනෙනවා.අද අපි මේ රටේ ආශ්වාදනය කරන සියලූ සමාජයේ ජයග‍්‍රහණ, සුවිශේෂී සිහිවටන සංධිස්ථානවල හැරවුම් ලක්ෂය වුණේ පසුගිය20 වෙනි සියවසේ හැරව වුම් ලක්ෂය වුණු 1956 ශී‍්‍රලනිප නායකත්වය ලබා දුන් බණ්ඩාරනායක ආණ්ඩුව හෙවත් පොදු ජන යුගය එසේම 21 වන සියවසේ අභියෝගය ජය ගෙන නූතන ලෝකයට ගැලපෙන රාජ්‍යයක් බවට පත් කිරීමේ හැරවුම් ලක්ෂය බවට මේ 70 සංවස්තරය පත් කර ගැනීමට අදිටන් කර ගත යුතු ව තිබෙනවා. 21 සියවසට ගැළපෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බොදුනු, කිතුනු, හින්දු හා කිතුනු හා ඉස්ලාමීය අප සැමට එකට ජීවත් විය හැකි ශී‍්‍ර ලාංකික ජාතික රාජ්‍ය ගොඩනැ`ගීමේ වගකීම අද පක්ෂයේ අපට පැවරී තියෙනවා.මගේ කතාව අවසන් කිරීමට පෙර මේ සුවිශේෂී සිහිවටන අවස්ථාවේ පුර්වාපර සිද ්ධිය ගලපාලන්නට මට අවසර ලබා දෙන්න.1951 කොළඹ නගර ශාලාවේ දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහි කරන අද වැනිදා අපේ නිර්මාතෘවරයා දස දහසකට අධික මහා ජනකායන් වට කරගෙන මෙහෙම කියා තියෙනවා. ”මා මේ කරන්නේ වින්නඹු මාතාවකගේ කටයුත්තයි. යටත් විජිත පරාධීන බවින් නිදහස, විමුක්තිය ලබා දෙන ජාතියක් ගොඩනැගීමේ බලය සහිත සංවිධානය පක්ෂය ගොඩනැගීමේ ‘පෙකෙනි වැල කැපීමේ කාර්යයි’ පසුකාලයක දී එතුමා එය ඉංගී‍්‍රසි බසින් විස්තර කළේ ඊදබැ එද එයැ භ්එසදබ වශයෙන්.මිත‍්‍රවරුනි, එදාම රාති‍්‍රයේ දුෂ්කර ගැමි ගොවි ගෙදරක මාතාවක් දරු ප‍්‍රසූතිය ස`දහා බලාපොරොත්තු සහගත ව සතුටු වේදනාවෙන් වෙලි සිටියා. ඒ බිළිදා අද අපේ පක්ෂයට නායකත්වය දෙන අපේ පක්ෂයේ ආදරණීය නායකයා මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා. එතුමාට සුබ උපන් දිනයක් ප‍්‍රාර්ථනා කරන ගමන් 21 සියවසේ ශී‍්‍ර ලාංකික ජාතියට මගපෙන වන දැවැන්ත ව්‍යාපාරයට නායකත්වය දෙන ලෙස ඉල්ලා සිටිනවා.අපේ පක්ෂය හැමදාම සුබ පැතු අප සම`ග එදා සිට එක් ව ගමන් කළ සියලූ වාමවාදී, දේශපේ‍්‍රමී, ජාතිකවාදී සියලූ පක්ෂ සම`ග ගොඩනැගෙන මහජන පවුරට නායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා!මගේ කතාව හමාර කිරීමට කලින් ඔබ සැමගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මේ මහා වසංගත තත්ත්වය තුළ කා හට හෝ කළ හැකි උපකාරයක් ආධාරයක් කරන්න. සියල්ල ම ජීවත්වීම ස`දහා උපකාරය, ධෛර්්‍යය, විශ්වාසය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

අපේ ආදරණීය මාතෘ භූමියට ජය වේවා!

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ජය වේවා! ඒ වටා ගොඩනැෙ`ගන මහා

ජන පවුරට ජය වේවා! ❤

– මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස –