*පක්ෂයේ සංවත්සරය සහ පක්ෂයේ නිර්මාතෘතුමාගේ ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කිරීම.
*රුධිර පරිත්‍යාගශීලීන් 296 දෙනෙකු සහභාගී වීම
*කාලය කළමනාකරණය කරමින් පරිත්‍යාගශීලීන් සහභාගී කරවීම.
*පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නොමද පැසසුමට ලක් විම.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය නිමිත්තෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය ගරු එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 62 වන ගුණ සමරුව යෙදී ඇති අද දින 2021.09.26 වන දින තවත් උතුම් පිංකමක් මොරටුවේදී සිදු කෙරුණි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමා විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පක්ෂයේ භාණ්ඩාගාරික ,අමාත්‍ය ලසත්ත අලගියවන්න යන මහත්වරුන්ගේද සහභාගීත්වය ඇතිවය.එහිදී දිවංගත එස්.ඩබ්ලිව් .ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පුෂ්පෝපහාර දක්වා සිහිකෙරුණු අතර විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ පුණ්‍යකර්මයද සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරුණි. ජාති,ආගම්, පක්ෂ බේදයකින් තොරව විශාල පිරිසක් ලේ පරිත්‍යාග කිරීම සදහා මොරටුව,කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ශ්රවණාගාරයට එක් රොක් වී සිටියහ.
පක්ෂ සංවත්සරයට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක කළ ලේ දන් දීමේ වැඩසටහන් මාලාවේ මෙතෙක් පැවති ලේ දන්දීමේ වැඩසටහන් අතරින් වැඩිම පරිත්‍යාගශීලීන් පිරිසක් සහභාගි වූ වැඩසටහන ලෙසද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වාර්තා අතරට එක්ව තිබිණ . ඒ අනුව එක් දිනක් තුළදී එක් ස්ථානයකදී 296 දෙනෙකු ලේ පරිත්‍යාග කිරීමේ උතුම් පිංකමට සමිබන්ධ වීමෙනි.