ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ පෙරමුණ හා කාන්තා බලමණ්ඩලය ප්‍රතිසංවිධානය ඊයේ (ඔක්තෝම්බර් 17) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අගුණුකොළපැළැස්ස අල්පමාලී උත්සව ශාලාවේදී සිදුවිය.

දීප ව්‍යාපත්ව ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරමින් පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනගමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන් සඳහා නායකත්වය ලබාදෙන පුළුල් දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී.ල.නි.ප ගොඩනැගීමේ තවත් පියවරක් ලෙස මෙම කටයුත්ත සිදුවිය.

මෙම අවස්ථාවට හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී.ල.නි.ප උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමන්, ශ්‍රී.ල.නි.ප බෙලිඅත්ත ආසන සංවිධායක ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මැතිතුමන්, තිස්සමහාරාම ආසන සංවිධායක ඉංජිනේරු දිසරු දිසානායක මැතිතුමන් ඇතුළු තරුණ තරුණියන්, කාන්තාවන් රැසක් සහභාගී විය.