ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාන්තා පෙරමුණ ඒකාබද්ධව සංවිධානය කරන ලද විදේශ රැකියාවන් සදහා පිටත්ව යන කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් අද (20) දින මහරගම නගර සභා ප්‍රධාන ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ ලේකම්, කොළඹ දිස්ත්‍රික් සංවිධායක චන්ද්‍රිකා ද සොයිසා මැතිනිය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරියන්, කොළඹ දිස්ත්‍රික් කාන්තා පෙරමුණේ නිළධාරී මණ්ඩලය සහභාගී ඇතුළු පිරිසක් සහභාගි විය.