ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් සමුළුව මාගේ ප්‍රධානත්වයෙන් අද(27) දින විශාල ජන සහභාගිත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දි පැවැත්විණි. මෙම සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය නියෝජනය කරමින් බුද්ධි මණ්ඩපයට පැමිනි සියලු දෙනාටම මා ස්තුතිවන්ත වෙමි.මුළු රටටම බත සපයන ශේෂ්ඨ ගොවි ජනතාවක් ජීවත්වෙන රජරට පුරවරයේ ගොවි ජනතාවගේ දුක් ගැටළු ඉදිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ විසඳීමට මා බලාපොරොත්තු වෙමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නට මා හා එක් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ඇතුළු ජාතික සංවිධායකතුමා සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිතුමා ඇතුළු සියලුම නායකයින්ට මා ස්තුතිවන්ත වෙමි.