ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දේශපාලනයට ප්‍රවිශ්ට වීමට අපේක්ෂිත කාන්තාවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප සහ පළාත් සභා සහ පලාත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දේශපාලනයට ප්‍රවිශ්ට වීමට අපේක්ෂිත කාන්තාවන්ගේ දැනුම, කුසලතා, ආකල්ප සහ පළාත් සභා සහ පලාත් පාලන ක්ෂේත්‍රයේ නීති, අනු නීති ඇතුළු ඒ හා සම්බන්ධ කටයුතු පිළිබඳව ඉදිරියේදී ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (28) කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්විණි.එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරමින් පක්ෂයේ උප සභාපතිවරුන් වශයෙන් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල , පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල්, බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි සහ හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන්ද, කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක එම්.එච්.මන්සිල්, ගම්පහ ආසන සංවිධායක අජිත් බස්නායක, කැළණිය ආසන සංවිධායක සම්පත් අලහකෝන් යන මහත්වරු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ ප්‍රධාන ලේකම් චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය ඇතුළු කාන්තා පෙරමුණේ ක්‍රියාකාරී මන්ත්‍රීවරියන් සහ නියෝජිතවරියන් පිරිසක්ද සහභාගි වූහ. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරීනි හේමන්ති ගුණසේකර මහත්මිය සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කලන වීරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සාකච්ජාව ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *