ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ එම ආර්යාව ඇතුලු චීන තානාපති කාර්යාලය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් අද දින (04) පොළොන්නරුව නිවසේදී මා මුණගැසීණි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර දශක ගණනාවක සිට පවතින මිතුදම තවත් ශක්තිමත් කිරීම සඳහා චීන රජය ලබාදෙන සහයෝගය වෙනුවෙන් චීන ජනාධිපති Xi Jinping මහතා වෙත මාගේ ස්තුතිය පළකර අතර, ඒ වෙනුවෙන් චීන තානාපතිතුමා සිදුකරන මැදිහත්වීම ද සිහිපත් කරන ලදි.

තානාපතිතුමා සහ පිරිස සමඟ පොළොන්නරුව ප්‍රදේශයේ කෙටි සංචාරයකට ද මා එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *