ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිර්මාතෘවරයා හා එහි හිටපු විමර්ශන කළමනාකාර රූබන් වික්‍රමආරච්චි මැතිතුමන් තම 36 වසරක අඛණ්ඩ සේවා දිවියෙහි සේවා අත්දැකීම් තුලින්, වත්මන් හා අනාගත පරම්පරාවන් වෙත අව්‍යාජ රාජ්‍ය සේවයක් සදහා පිටිවහලක් ලබාදෙන අරමුනින් රචිත “විදුලකරෙන් විදුලියට” ග්‍රන්ථය එලිදැක්වීම ඊයේ දින (2021/11/26) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විය.මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තුමන් ඇතුලු පිරිසක් සහභාගීවිය.