වැඩකරන පන්තියේ සුබසාධන යට‍තේ ලෝක බැංකු පුළුල් ලෙස දායකවීම අත්‍යාවශ්‍යයි.

“රටක පාරවල් පාලම් විතරක් හදලා ඒ රට සංවර්ධනය කළ නොහැක.රටේ ජාතික සංවර්ධනය සමබර වීමට නම් ඒ රටේ වැඩකරන පන්තියේ ජනතාවගේ සුබසාධනයත් ඉහළ මට්ටමක තිබිය යුතු නිසා ලෝක බැංකුව සිය ආධාර ලබා දීමේදී භෞතික දියුණුවටසේම කම්කරු පන්තියේ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙනුත් ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් කළ යුතුයි.” කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ක්‍රියාකාරී ප්‍රධානී රෙනේ ලිඔන් සොලානෝ (Rene Leon Solano) මහතා සමග ඊයේ (08) පැවති විශේෂ සාකච්ඡාවේදී ය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද අමාත්‍යවර පෞද්ගලික ලේකම් නීතිඥ ගයාන් කෞෂල්‍ය මහතා ද සහභාගී වූහ.

It’s essential that the world bank intervene directly in order to enhance the welfare of the labor force.

“Enhancing infrastructure such as roads and bridges alone will not develop a country. In order to strike a balance with the national development, there has to be welfare for the working class. World Bank should also facilitate funds for the welfare of the laborers while sponsoring the infrastructure developments”

Hon Minister raised these concerns before the Executive Head Mr.Rene Leon Solana for Sri Lanka, Maldives, and Nepal.

Secretary to the Ministry of Labour Mr. Mapa Pathirana and Private Secretary to the Hon. Minister Akila Gayan Kaushalya , AAL were also present during the meeting.