ලේ බැංකුවට දෛනික අවශ්‍යතාවය සදහා ලේ පයින්ට් 900ක් අවශ්‍ය වුවත් මේ වන විට දෛනිකව ලැබෙන්නේ ලේ පයින්ට් 400ක් පමණි.එම අවශ්‍යතාවය සපුරාලීම උදෙසා මේම වැඩසටහන ක්‍රියාත්මක වු අතර පොල්පැල බේදාදිමේ වැඩසටහනක්ද මීට සමගාමිව ක්‍රියාත්මක විය.මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන මට්ටමින්ද ලේ පයින්ට් 10000 ක් ප්‍රධානය කිරිමේ වැඩසටහනක්ද ක්‍රීයාත්මක වෙමින් පවති.අද දිනයේ මෙම පුණ්‍යක්‍රියාව සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව සාර්ථකව සිදු කරගැනීම සඳහා දායකත්වය සැපයූ සැමට ගෞරවණීය ස්තුතිය පුදකර සිටිමි.
වර්තමානයේ රටෙහි පවතින රුධිර අවශ්‍යතාවයට දායකත්වය ලබාදීම වෙනුවෙන් පොළොන්නරුව බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ ලේ දන් දීමේ කඳවුරක් 6 වෙනි විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් අද දින පොළොන්නරුව නව වෙළෙඳ සංකීර්ණයේදී පැවැත්විණි.
- by admin