ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවීන් පැමිණ සිටි අතර මේ සඳහා හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බටහිර පොළොන්නරුව ආසනයේ ප්‍රධාන සංවිධායක දහම් සිරිසේන මහතාද සහභාගී විය.
පෙ.ව 10.30ට පමණ ආරම්භ කරන ලද උද්ඝෝෂණය පැයක පමණ කාලයක් පැවති අතර උද්ඝෝෂණය අවසන් වීමෙන් පසු පැමිණ සිටි ගොවි නියෝජිතයින් අදහස් දැක්වීය.ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණේ සභාපති ජයසිරි බණ්ඩාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තම වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා නොදුන්නහොත් ඉතා පුළුල් වැඩපිළිවෙළක් සමඟින් ගොවීන් පෙරටුව පාරට බසින බවයි.එසේම වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයාට වර්තමාන ගොවීන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙසද ජයසිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කරන ලදී.
එහිදී අදහස් දැක්වූ හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා ගොවි ජනතාව මුහුණ දී සිටින බරපතල පීඩාකාරී දුක්ඛිත තත්වය, ගොවි ජනතාවගේ මහා ඛේදවාචකය රට පුරා ආණ්ඩු විරෝධී රැල්ලක් ගොඩනැගෙන අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණ සංවිධානය කරන ලද මෙම ගොවි උද්ඝෝෂණය සඳහා අපහට ආරාධනා කිරීම සම්බන්ධයෙන් එම ගොවි පෙරමුණට ස්තුතිය පල කළ අතර එම උද්ඝෝෂණය සිදු කිරීම මඟින් පොළොන්නරුව පමණක් නොව සමස්ථ දිවයිනේම ගොවීන්ගේ හඬ නියෝජනය කරන බව සඳහන් කරන ලඳී.වර්තමානයේ ගොවීන් මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වය පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදීත් මෙවැනි ගොවි උද්ඝෝෂණ ව්‍යාපාර හා සම්බන්ධ වන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන ලදී.