ලෝකයේ රටවල් කාර්මික කරනයත් සමග පරිසර පද්ධති වල සමතුලිත තාව බිද වැටීම ආරම්භ විය. ඒ හා සමාන්තරව දේශගුණික විපර්‍යාසයන්ට ලෝකය ලක්වීමද ආරම්භ විය, අධික කාබන් විමෝචනය, වනාන්තර ඝනත්වය දිනෙන් දිනම පහල යාම, හරිතාගාර ආචරණය මගින් උෂ්නත්වය ඉහල නැගීම, ද්‍රැවාසන්න අයිස් කදු දියවීම, සාගර ජලමට්ටම ඉහල යෑම, මහාද්වීප තැටි නිරන්තර සිරස් චලනයන් හේතුවෙන් ඇතිවන භූ කම්පන, ස්වභාවික සංසිද්ධි වල යාන්ත්‍රනය බිද වැටීම, බෝග වගාවන් සදහා අධික රසායනික ද්‍රව්‍ය භාවිතය මගින් ඇතිවන සෞඛ්‍ය ගැටලු, දිනෙන් දින ඉහල යන ස්වභාවික විපත්, වනාන්තර එලි කිරීම නිසා සිදුවන වනසත්ව හානී ආදී දේශගුණික විපර්‍යාසයන්ට ලෝකයේ සෑම රටකටම අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදුවී ඇත, අප රට ද ඒවායේ යම් යම් හානිකර ප්‍රතිඵල භුක්ති විදීමට සිදු වී ඇත.

මෙම දේශගුණික විපර්‍යාසයන්ට තිරසාර විසදුම් ලබාගනිමින් හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ අරමුණ ක්‍රියාත්මක ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විය.පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.