ලිට්රෝ සමාගම විසින් මෑතකදී 18 L නව premium ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දෙන ලදී. මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිලිවල ප්‍රතිඵලයක් ලෙස ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද පරීක්ෂණයන් වලට අනුව ලිට්රෝ සමාගමට එම නව හඳුන්වාදීමකට අයිතිය තිබුනද පෙර වෙළෙඳපොලෙහි තිබූ 12.5 KG ගෑස් සිලින්ඩරය කිසිඳු අඩුවකින් තොරව පවත්වාගෙන යාම අනිවාර්ය බවත් නව හඳුන්වාදීම කිලෝගෑම් (KG) ප්‍රමාණයෙන් හා වෙනම වර්ණයකින් තිබිය යතු බවත් අදාල සමාගම වෙත වාචිකව හා ලිඛිතව දැනුම්දීමක් සිදු කොට ඇත.නමුත් මෑතකදී පාරිභෝගික අධිකාරිය වෙත එම නව හඳුන්වාදීම පිළිබඳව පැමිණිලි ගණනාවක් ලැබුණු බැවින් (05.27) දින කොළඹ නගරයේ වෙළෙඳසැල් කිහිපයකට ගොස් මේ පිළිබඳව අදාල අළෙවිකරුවන්ගෙන් ද කරුණු විමසූ අතර පෙර ඉදිරිපත් කරන ලද 12.5 Kg වෙළෙඳපොලෙහි නොමැති බවත් නව හඳුන්වාදීම පමණක් වෙළෙඳපොලෙහි තිබෙන බව වැඩිදුරටත් අනාවරණය විය. මේ වන විටත් මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව නීතිපතිතුමාගේ අවශ්‍ය උපදෙස් ඉල්ලා යවා ඇති බැවින් එම උපදෙස් ලැබීමෙන් අනතුරුව ලිට්රෝ සමාගම විසින් නිවැරදි කිරීමක් සිදු කරන්නේ නැතිනම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කටයුතු කිරීමට තීරණය කර ඇත.මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ සභාපති මේජ ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහත්මා සහ බස්නාහිර පළාත් අධ්‍යක්ෂකතුමා ඇතුලු නිලධාරීන්ද සහභාගී විය.මේ පිළිබඳව පාරිභෝගිකයින් පැමිණිලි ඉදිරිපත් කරන්නේනම් 1977 අංකයට උදැසන 7.00 සිට රාත්‍රී 10.00 වන තෙක් පැමිණිලි කළ හැක.
ලිට්රෝ සමාගම විසින් මෑතකදී හදුන්වා දුන් 18 L නව ගෑස් සිලින්ඩරය පිළිබඳව පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිලි සොයා බැලීමට ගරු අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළු නිලධාරීන් සහභාගී වූ අවස්ථාව.
- by admin