අතිගරු ජනාධිපතිතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය සදහන් “ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්” ගොඩනැගීමේ සංකල්පයට අනුගත වෙමින් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ සම්ප්‍රදායික නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳපල හදුන්වා දීම හා කොවිඩ්19 වසංගත තත්වය මත විදේශීය සංචාරකයින් මෙරටට නොපැමිණීමෙන් 90% කින් පමණ පහළ ගොස් හානි වූ ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්ම යටතේ පූර්ණය කර ගැනීම මෙහි මූලික අරමුණ වේ.බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ පූර්ණ සම්බන්ධීකරණය හා දායකත්වය යටතේ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” හා ගිවිසුම් ගත කරන ලද මෙම ගිවිසුම හා බැදි සාලා ග්ලෝබල් (පුද්ගලික) සමාගම “ලක්සල” සන්නාමය යටතේ මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ඇතුළුව බතික්, අත්යන්ත්‍ර රෙදි පිළි, ශ්‍රී ලාංකීය තේ, කෝපි, කුළු බඩු, ආයුර්වේද නිෂ්පාදන, කාබනික ආහාර වර්ග, දේශීය රුපලාවන්‍ය භාණ්ඩ නිෂ්පාදන මෙරට ප්‍රධාන පෙළ පුද්ගලික සමාගමක් හා සම්බන්ධ වෙමින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ “ඩුබායි” හි විවෘත කරනු ලබන වරලත් අලෙවි සැල මගින් ප්‍රවර්ධනය කිරීමට නියමිතය. මෙම ලක්සල වරලත් අලෙවි ප්‍රදර්ශනාගාරය වර්ග අඩි 200 කින් පමණ යුතු නවීන පන්නයේ ප්රදර්ශනාගාරයක් වන අතර ඒ හරහා “ලක්සල” සන්නාමය එක්සත් අරාබි එමිර් රාජ්‍යය පුරා ප්‍රවර්ධනය කිරීම හඳුන්වාදීමේ වැඩසටහන් කිහිපයක් දැනටමත් දියත්කර ඇත.මෙමගින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ලැබෙන ආදායමට අමතරව වරලත් අලෙවි නියෝජිත ආයතනයේ මාසික අලෙවි පිරිවැටුමෙන් ප්‍රතිශතයක්ද , කීර්තිමත් ලක්සල සන්නාමය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ “ඩුබායි”හි තුළ භාවිතය වෙනුවෙන් වාර්ෂිකව කිසියම් “වෙළඳ හිමිකාරීත්ව භාගයක්” (Royalty Fee) ද ලැබීමට නියමිතය. ලක්සල නව කළමනාකරිත්වයේ ඉදිරි ව්‍යාපාරික සැලැස්ම යටතේ මෙම වසර අවසන් වීමට ප්‍රථම තවත් මෙවැනි වරලත් අලෙවි නියෝජිත ප්රදර්ශනාගාර කිහිපයක් විදේශීය තානාපති කාර්යාල හා සම්බන්ධ වෙමින් එක්සත් රාජධානිය, චීනය, ජපානය හා කැනඩාවේ විවෘත කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.තවද මෙම අවස්ථාව සදහා,බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා,ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” සභාපති නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි මහතා,සාලා ග්ලෝබල් පුද්ගලික සමාගමෙහි කළමණාකාර අධ්‍යක්ෂක චින්තක විජේවික්‍රම මහතා,ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” අධ්යක්ෂ මණ්ඩල සාමාජික සංජීව ධර්මවර්ධන මහතා,සාලා ග්ලෝබල් පුද්ගලික සමාගමෙහි අර්ජුණ දිසානායක මහතා, ගාමිණී කන්නන්ගර මහතා ඇතුළු නිලධාරීන් ද ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” ආයතනයෙහි කළමණාකරණ කමිටු සාමාජික නිළධාරීන් පිරිසක් ද එක් විය.
“ලක්සල” තවත් ප්රදර්ශනාගාරයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ “ඩුබායි” හි විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුමට අත්සන් තැබීම බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) දින සිදු විය.
- by admin