අවුරුදු 50 ක් පරණ මෙම ඉදිකිරිම, කොලඹ දිස්ත්‍රික්කය තුල ඇති ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්‍යාල, අතිරේක සාමාන්‍යාධිකාරී කාර්‍යාල, බෙදාහැරීම් කාර්‍යාල, ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාල, ව්‍යපෘති කාර්‍යාල, මුදල් කවුලු ද ලංවිම කාර්‍යාල 37 ක් පමන කුලී පදනම මත පවත්වාගෙන යන අතර මේ සදහා මාසිකව මිලියන 400 ට ආසන්න මුදලක් වැය වෙයි.මෙම නව මූලස්ථාන සංකීර්ණය ඉදිකර එකම ස්ථානයකට සියලු කාර්‍යාල ගෙන මුදල් ඉතුරු කිරීමට ද වාහනයේ සිටම මුදල් ගෙවිමට ඇති හැකියාව, පද්ධති පාලන මැදිරි සහ නවීන තාක්ෂණය සමගින් පරිසර හිතකාමී හරිත සංකල්පය මත ඉදිවෙයි. 200 KV සූර්යබල පද්ධතියකින්ද සමන්විත අතර වර්ග අඩි 363880 ක කාර්‍යාල ඉඩකඩක් වන මෙම මුලස්ථාන සංකීර්ණය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල රුපියල් මිලියන 4774 වැය කරමින් වැඩ නිම කිරීමට නියමිතය. මෙම අවස්තාවට විදුලිබල අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමන්, ලංවිම වැඩබලන සභාපති, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන්, ඇතුලු නිලධාරින් සහභාගි විය.